skip to main | skip to sidebar

සිහිලැල් නදී ‍තෙර......

නදියක් සේ ගලා යන ජීවිතයේ,පාවී යන පාරැවට එක්වෙන්න!!!

Sunday, July 18, 2010

මටත් හිතෙන දේවල්!



ඇත්තටම මට එකේක වෙලාවට එකේක ඒවා හිතෙනවා.
සමහර ඒවා මහ පිස්සු විකාර(හැබැයි මටනම් පිස්සු නෑ හොදේ!:-D )
මේ කියන්න යන සිද්ධිය නම් එහෙම 1ක් නෙවෙයි.ඇත්තටම මට ඔක්කොම එපා වෙලා හිටියෙ මේ සිද්ධිය නිසා.
මට මේ සිද්ධියේදි කාගෙන්වත් උදව් ගන්න පුළුවන් වුනේ නෑ.ඒ නිසා ඒක හිත ඇතුලේ කැකෑරි,කැකෑරි තිබුනා. ඒ ප්‍රශ්නේ අගක් මුලක් මට තේරෙන්නෙත් නෑ. මේ වගේ වෙලාවකදී මම කොහොම හිටියද කියල මටම හිතාගන්න බෑ.
මේ සිද්ධියට මුල ඉස්කෝලෙයි, යාළුවොයි. ඇත්තටම ගොඩක් වෙලාවට යාළුවොන්ව තේරැම් ගන්න අමාරැයි. එක වෙලාවකට හොදයි, අනිත් වෙලාවට ඒ කට්ටියට මොනා වෙනවද දන්නෑ.ඒ නිසාමද කොහෙද මට දුක, සතුට බෙදා ගන්න හොදම යාළුවෙකුත් නෑ.( ඇයිද කියලා මමවත් දන්නෑ). ඒ නිසාද කොහෙද මට මහා පාළුවක් දැනෙනවා. ඒ වුනත් ගෙදර ගියාට පස්සේ ඒ ඔක්කොම අමතක වෙලා යනවා. ඔය විදියට මම ගිය බදාදා වෙනකම් upset එකේ හිටියේ.
ඒ වුනත් දැන් ඒ ඔක්කොම ඉවරයි. අන්තිමේදී මටම හිතුනා මම යාළුවෝ ගැන හිතුවා වැඩියි කියලා. යාළුවෝ ඒ වගේ වෙලාවට තමන්ට ඕනි දේ කරගෙන අපිව සත 5කටවත් ගනන් ගන් නැතුව යනවා.බලාගෙන යද්දී ඔක්කොම එකයි. මිනිස්සු හරිම අවස්ථාවාදියි. මම මේ සිද්ධයෙන් ඒක හොදට තේරැම් ගත්තා.
දැන්නම් ඒවා ගැන මම පොඩ්ඩක්වත් හිතන්නෑ. ඒ නිසාද කොහෙද දැන්නම් හරිම සතුටින් ඉන්නේ. ජොලියෙ ඉන්නවා! ( :-D )
Posted by Rash at 3:43 PM 4 comments

Thursday, July 8, 2010

ජීවිතය....


සිහින් සිදුරක් වූ ජීවිතයෙන්,
මුළු මහත් ලෝකයක් දෙස
විවර නෙතින් බැලීමට අපට හැකිද?
එසේම එහි සිටිනා
විෂමාකාර මිනිසුන්ව
තේරැම් ගැනීමට පවා
හැකිවනු ඇත්ද?
ගලා යන ගගක්
ගල් පර රැසක වැදී
ගමන් කරන ලෙසින්
ජීවිතයද,
බාධක රැසකට
මුහුණදෙනු නොඅනුමානය...
එවැනි බාධක ජයගෙන,
ඉදිරියට යෑම අපට
ලැබෙන අභියෝගය
නොවේද???
Posted by Rash at 2:44 PM 4 comments

කුරැලු ලොවේ අසිරිය...


(මේ මම පොඩි කාලේ ලියපු කවි. මේ ළගදි පොතක් ඇතුලේ තිබිල හම්බුනේ! දැන් ඒව කියවද්දී හිනත් යනවා. මගේ පොඩි කාලේ වැඩ කොහොමද කියල බලන්නකෝ! )

වක් වී ඇති තුඩකි විදින පුංචි හොටය
මුදු මල් පෙති දෙකකි පැහැබර පියපත් සගලය
නීල පැහැති සිත් බදනා නෙත් යුගලය
පින් කර ඇත මෙවන් දසුන් දැකි මාගේ නෙත් යුගලය.

කිචි බිචි ගා පියඹා යයි ගුවන සරා
පුංචි කෝටු කැබලි එකට තියා අමුණාලා
කොළ රොඩු මැදෙහි පුළුන් රොදක් දවටාලා
සාදා ගනියි තම කැදැල්ල සතුටු සිනා.

පුංචි කුරැලු පැටවෙකු පිළිසිද ගත්තා
බිජුව රකියි තම සැප ගැන මදව සිතා
කුරැලු පැටවා එළිය දකියි පැතුම් පතා
විහග ජෝඩුවේ රස ගී නොමදව ඇසෙනා.
Posted by Rash at 2:17 PM 5 comments

Thursday, July 1, 2010

දිව්‍ය ලෝකේ ගිය සැමියා.




එක ගෑනු එක්කෙනෙක් හිතාගෙන හිටියේ, එයාගේ මහත්තයා මැරිලා, දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා කියලා. එක දවසක් මේක ඔප්පු කරගන්න කියලා මේ ගෑනු කෙනා මන්තරකාරයෙක් ගාවට ගියාලු. එතකොට ඒ මනුස්සයා, මේ ගෑනු කෙනාටයි, එයාගේ මහත්තයටයි, එකට කතා කරන්න සලස්වලා දුන්නලු.

(ඊට පස්සේ වුනු කතාව මෙන්න මේකයි)

බිරිද :- අනේ! ඔයා හොදින් ඉන්නවද? මට හිතුනා, ඔයා කොහේ හරි හොදින් ඇති කියලා. ඔයා කොහෙද ඉන්නේ?
සැමියා :- මම ඉන්නේ නිල් අහසක් යට, ළා කොළ පාට තණ බිමක් උඩ.
බිරිද :- ආනේ!!!! ඔයා ඉන්නේ දිව්‍ය ලෝකේ නේද? මට ඒත් හිතුනා!
සැමියා :- මොන පිස්සුද ඕයි! මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ගව පට්ටියක!

( මරැ කතාවනේ?? [ හික්! හික්!] මේ කතාවත් දැක්කේ web 1ක)
Posted by Rash at 4:14 PM 1 comments

අප්‍රිකාව කොහෙද තියෙන්නේ???


(සර් කෙනෙකුයි, ගෝලයෙකුයි කතා වුනු පොඩි ප්‍රශ්නයක් ගැනැයි මේ!!!)

සර් :- රැවන්, කියනවා බලන්න, අප්‍රිකාව කොහෙද තියෙන්නේ?
රැවන් :- සිතියම් පොතේ 37 වැනි පිටුවේ සෑර්!!

(මේ කතාව මම web 1ක දැක්කේ! ඇත්තටම බැලුවොත් ඒ ළමයා දුන්න උත්තරෙත් වැරැද්දක් නෑනේ???)
Posted by Rash at 3:28 PM 4 comments

බුරැමයෙන් ගෙනාවේ මොනාද?

( එක තාත්තා කෙනෙකුයි, පුතෙකුයි, මෙහෙම කතා වුනාලු)

තාත්තා :- ඇයි පුතේ ඔය බුරැමයට ගෝනියක් බැදලා?

පුතා :- ඇයි තාත්තේ, දන්නේ නැද්ද? අද උදේ news වලට කිව්වනේ බුරැමයෙන් හාල් ගෙන්නනවා කියලා.

( joly කතාවනේ? මේ කතාව 'රණවිරැවා' කියලා පුස්තකාලේ තිබුනු පරණ සගරාවක තිබුනේ!)
Posted by Rash at 3:08 PM 0 comments

මොන යාළුවෝද හොද?



ගැහැණු.
එක බිරිදක් මුළු දවසක්ම ගෙදර හිටියේ නැල්ලු. ඊට පස්සේ එයාගේ සැමියා, බිරිදගෙන් ඒ ගැන ඇහුවලු. එතකොට ඒ ගෑනු එක්කෙනා කිව්වලු, කලින් දවසේ එයා, එයාගේ යාළුවෙක්ගේ ගෙදර හිටියා කියලා. ඊට පස්සේ මේක ඇත්තද කියලා බලන්න සැමියා එයාගේ බිරිදගේ හොදම යාළුවන් 10ටම call කරලා මේ ගැන ඇහුවලු. එතකොට මේ කිව්ව කතාව ඇත්තක් කියලා එක යාළුවෙක් වත් කිව්වේ නැතිලු.

පිරිමි.
කලින් කතාවේ වගේම එක සැමියෙකුත් මුළු දවසක්ම ගෙදර හිටියේ නැතිලු. ඊට පස්සේ ඉස්සෙල්ලා වගේම, මෙයාගේ බිරිද, සැමියාගෙන් මේ ගැන ඇහුවලු. එතකොට එයත් කිව්වේ, කලින් දවසේ යාලුවෙක්ගෙ ගෙදර හිටියා කියලලු. ඒක ඔප්පු කරගන්න, බිරිද තම සැමියගේ හොදම යාලුවෝ 10ටම call කරලා ඇහුවලු. එතකොට යාලුවෝ 5ක් කිව්වලු, " ඒක ඇත්ත" කියලා. අනිත් යාලුවෝ 5 දෙනා කිව්වලු, " මේ දැනුත් එයා මාත් එක්ක ඉන්නවා" කියලා. මේක අහලා බිරිද අං දුං කුං දුං වුනාලු.

මේ කතාවෙන් අපිට හිතාගන්න පුළුවන් ' පිරිමි හොද යාළුවෝ' කියලා.

(මාත් මේ කතාව කියෙව්වේ අපේ අක්කා ගාව තිබ්බ පොතකින්! මරැ කතාවනේ???)
Posted by Rash at 2:21 PM 0 comments
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

යන එන තැන!!!

යන එන තැන!!!

දාපු ලිපි....

  • ▼  2010 (13)
    • ►  August (2)
    • ▼  July (7)
      • මටත් හිතෙන දේවල්!
      • ජීවිතය....
      • කුරැලු ලොවේ අසිරිය...
      • දිව්‍ය ලෝකේ ගිය සැමියා.
      • අප්‍රිකාව කොහෙද තියෙන්නේ???
      • බුරැමයෙන් ගෙනාවේ මොනාද?
      • මොන යාළුවෝද හොද?
    • ►  June (4)

ම්....ම්..... මම????

My photo
Rash
අනේ මන්දා!!! මම තාම ඉගෙනගන්න චුට්ටන් ළමයෙක්. හැබැයි චුට්ටන් වුනාට, වට පිටාවෙ දේවල් ගැන හොද සිහියකින් ඉන්නේ. මම ගැන අහන්න ඕනි යාළුවන්ගෙන් තමා!!!!!!!!
View my complete profile

ගිහින්ම බලන්නකෝ!!!!

  • Home
  • about me!
  • Contact me!

මගෙ තනියට!!!

ආවා සොයා!!

free counters
 
Copyright © සිහිලැල් නදී ‍තෙර....... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio