skip to main | skip to sidebar

සිහිලැල් නදී ‍තෙර......

නදියක් සේ ගලා යන ජීවිතයේ,පාවී යන පාරැවට එක්වෙන්න!!!

Thursday, July 8, 2010

කුරැලු ලොවේ අසිරිය...


(මේ මම පොඩි කාලේ ලියපු කවි. මේ ළගදි පොතක් ඇතුලේ තිබිල හම්බුනේ! දැන් ඒව කියවද්දී හිනත් යනවා. මගේ පොඩි කාලේ වැඩ කොහොමද කියල බලන්නකෝ! )

වක් වී ඇති තුඩකි විදින පුංචි හොටය
මුදු මල් පෙති දෙකකි පැහැබර පියපත් සගලය
නීල පැහැති සිත් බදනා නෙත් යුගලය
පින් කර ඇත මෙවන් දසුන් දැකි මාගේ නෙත් යුගලය.

කිචි බිචි ගා පියඹා යයි ගුවන සරා
පුංචි කෝටු කැබලි එකට තියා අමුණාලා
කොළ රොඩු මැදෙහි පුළුන් රොදක් දවටාලා
සාදා ගනියි තම කැදැල්ල සතුටු සිනා.

පුංචි කුරැලු පැටවෙකු පිළිසිද ගත්තා
බිජුව රකියි තම සැප ගැන මදව සිතා
කුරැලු පැටවා එළිය දකියි පැතුම් පතා
විහග ජෝඩුවේ රස ගී නොමදව ඇසෙනා.
Posted by Rash at 2:17 PM

5 comments:

Shadow/හේමලයා said...

ලස්සන පද පෙළක්..:)..

July 8, 2010 at 3:10 PM
තක්ෂිල said...

පුංචි කාලය නියම කාලය
මරු වැඩ කරනවා අපි ඒ කාලයේ
ඒ මතකය අවදිකරන්නට
අපි ඔක්කම ආසයි එක වාගේ
ලියවුණු කවිය වර්තමාන වඩාත් ලස්සන දෙයක් ඔයා හරි දක්ෂයි නේද GOOD LUCK

July 11, 2010 at 10:53 AM
Rash said...

Thank you very much!

July 11, 2010 at 6:33 PM
Blinky said...

පොඩි කාලේ ලියපු 1ක් කියලා ‍දැනුනෙ නෑ

July 17, 2010 at 8:24 AM
Unknown said...

ela ela

November 9, 2016 at 7:06 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

යන එන තැන!!!

යන එන තැන!!!

දාපු ලිපි....

  • ▼  2010 (13)
    • ►  August (2)
    • ▼  July (7)
      • මටත් හිතෙන දේවල්!
      • ජීවිතය....
      • කුරැලු ලොවේ අසිරිය...
      • දිව්‍ය ලෝකේ ගිය සැමියා.
      • අප්‍රිකාව කොහෙද තියෙන්නේ???
      • බුරැමයෙන් ගෙනාවේ මොනාද?
      • මොන යාළුවෝද හොද?
    • ►  June (4)

ම්....ම්..... මම????

My photo
Rash
අනේ මන්දා!!! මම තාම ඉගෙනගන්න චුට්ටන් ළමයෙක්. හැබැයි චුට්ටන් වුනාට, වට පිටාවෙ දේවල් ගැන හොද සිහියකින් ඉන්නේ. මම ගැන අහන්න ඕනි යාළුවන්ගෙන් තමා!!!!!!!!
View my complete profile

ගිහින්ම බලන්නකෝ!!!!

  • Home
  • about me!
  • Contact me!

මගෙ තනියට!!!

ආවා සොයා!!

free counters
 
Copyright © සිහිලැල් නදී ‍තෙර....... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio