skip to main | skip to sidebar

සිහිලැල් නදී ‍තෙර......

නදියක් සේ ගලා යන ජීවිතයේ,පාවී යන පාරැවට එක්වෙන්න!!!

Sunday, July 18, 2010

මටත් හිතෙන දේවල්!



ඇත්තටම මට එකේක වෙලාවට එකේක ඒවා හිතෙනවා.
සමහර ඒවා මහ පිස්සු විකාර(හැබැයි මටනම් පිස්සු නෑ හොදේ!:-D )
මේ කියන්න යන සිද්ධිය නම් එහෙම 1ක් නෙවෙයි.ඇත්තටම මට ඔක්කොම එපා වෙලා හිටියෙ මේ සිද්ධිය නිසා.
මට මේ සිද්ධියේදි කාගෙන්වත් උදව් ගන්න පුළුවන් වුනේ නෑ.ඒ නිසා ඒක හිත ඇතුලේ කැකෑරි,කැකෑරි තිබුනා. ඒ ප්‍රශ්නේ අගක් මුලක් මට තේරෙන්නෙත් නෑ. මේ වගේ වෙලාවකදී මම කොහොම හිටියද කියල මටම හිතාගන්න බෑ.
මේ සිද්ධියට මුල ඉස්කෝලෙයි, යාළුවොයි. ඇත්තටම ගොඩක් වෙලාවට යාළුවොන්ව තේරැම් ගන්න අමාරැයි. එක වෙලාවකට හොදයි, අනිත් වෙලාවට ඒ කට්ටියට මොනා වෙනවද දන්නෑ.ඒ නිසාමද කොහෙද මට දුක, සතුට බෙදා ගන්න හොදම යාළුවෙකුත් නෑ.( ඇයිද කියලා මමවත් දන්නෑ). ඒ නිසාද කොහෙද මට මහා පාළුවක් දැනෙනවා. ඒ වුනත් ගෙදර ගියාට පස්සේ ඒ ඔක්කොම අමතක වෙලා යනවා. ඔය විදියට මම ගිය බදාදා වෙනකම් upset එකේ හිටියේ.
ඒ වුනත් දැන් ඒ ඔක්කොම ඉවරයි. අන්තිමේදී මටම හිතුනා මම යාළුවෝ ගැන හිතුවා වැඩියි කියලා. යාළුවෝ ඒ වගේ වෙලාවට තමන්ට ඕනි දේ කරගෙන අපිව සත 5කටවත් ගනන් ගන් නැතුව යනවා.බලාගෙන යද්දී ඔක්කොම එකයි. මිනිස්සු හරිම අවස්ථාවාදියි. මම මේ සිද්ධයෙන් ඒක හොදට තේරැම් ගත්තා.
දැන්නම් ඒවා ගැන මම පොඩ්ඩක්වත් හිතන්නෑ. ඒ නිසාද කොහෙද දැන්නම් හරිම සතුටින් ඉන්නේ. ජොලියෙ ඉන්නවා! ( :-D )
Posted by Rash at 3:43 PM

4 comments:

මුditha said...

ඔයා හරි.හැමදාම යාළුවෝ ගැන හිත හිත ඉඳලා හරි යන්නේ නෑ.ඒත් කවදහරි අපි සමාජයේ හොඳ තැනකට ගියොත් ඔය සත 5 කට වත් ගණන් ගන්නේ නැති අය අපිව හොයා ගෙනම ඒවි.

July 24, 2010 at 10:34 AM
තක්ෂිල said...

ඇත්තටම කිව්වොත් ඔවාගේ දේවල් අනන්තවත් වේලා තියනවා.ඒ වේලාවට ම්..ම්..ම්.......

July 28, 2010 at 3:11 PM
Rash said...

@ kreet;

ඒක නම් ඇත්ත තමයි!

@ තක්ෂිල;

ම්..ම්..ම්...? හිතාගන්න බෑනේ???

July 30, 2010 at 2:14 PM
Naදී said...

කෙල්ලේ ජීවත් වෙනවා කියන්නේ ඕක තමයි. සතුටුවෙයං ඒක එහෙම වෙනවා කියලා දැනිච්ච නිසා. යාලුවෝ කියන්නේ අපිත් එක්ක
පෙර ආත්මෙ ඉඳලා එන අය. සමහරු ‍යහපත පිනිසත් සමහරු කරුමෙටත් තමයි අපේ යාලුවෝ වෙලා ඇවිත් ඉන්නේ. අපිත් එහෙමයි
ඒ නිසා ඉන්න ටික කාලේ හැමෝත් එක්කම හොඳින් ඉන්න බලමු. බැරිමනම් බුදු හාමුදුරුවො කිව්වා වගේ ඈත් වෙමු. කෝකටත්
‍ජොලියෙ ඉන්න එක හොඳයි.

July 30, 2010 at 3:22 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

යන එන තැන!!!

යන එන තැන!!!

දාපු ලිපි....

  • ▼  2010 (13)
    • ►  August (2)
    • ▼  July (7)
      • මටත් හිතෙන දේවල්!
      • ජීවිතය....
      • කුරැලු ලොවේ අසිරිය...
      • දිව්‍ය ලෝකේ ගිය සැමියා.
      • අප්‍රිකාව කොහෙද තියෙන්නේ???
      • බුරැමයෙන් ගෙනාවේ මොනාද?
      • මොන යාළුවෝද හොද?
    • ►  June (4)

ම්....ම්..... මම????

My photo
Rash
අනේ මන්දා!!! මම තාම ඉගෙනගන්න චුට්ටන් ළමයෙක්. හැබැයි චුට්ටන් වුනාට, වට පිටාවෙ දේවල් ගැන හොද සිහියකින් ඉන්නේ. මම ගැන අහන්න ඕනි යාළුවන්ගෙන් තමා!!!!!!!!
View my complete profile

ගිහින්ම බලන්නකෝ!!!!

  • Home
  • about me!
  • Contact me!

මගෙ තනියට!!!

ආවා සොයා!!

free counters
 
Copyright © සිහිලැල් නදී ‍තෙර....... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio