skip to main | skip to sidebar

සිහිලැල් නදී ‍තෙර......

නදියක් සේ ගලා යන ජීවිතයේ,පාවී යන පාරැවට එක්වෙන්න!!!

Thursday, June 24, 2010

මරාගෙන මැරෙන පෙම්වතුන්!!!



එක තරැණියක් තමන්ගේ පෙම්වතා, එයාව රවටනවා කියලා සැක කළාලු.ඊට පස්සේ හොදටම යකා නැගලා තුවක්කුවකුත් සල්ලි දීලා අරගෙන ඔහුව සොයාගෙන ගියාලු.ගෙදර දොරත් (ඩීර්) ගාලා ඇරගෙන එයාගේ ගෙදර ඇතුළට ගිහිල්ලා, ඔහුව දැකලා තුවක්කුව වහළට දික් කරාලු. ටිකකට පස්සේ, (මාර සීන් 1 කියන්නේ) ඒක මේ කෙල්ල එයාගේ ඔලුව පැත්තට හරව ගත්තලු.මේක දැකපු එයාගේ පෙම්වතා, " මගේ පණ, ඔයා මේ මොකක්ද කරන්න හදන්නේ???" කියල කෑගැහුවලු. ඊට පස්සේ අර කෙල්ල කෑ ගහල කිව්වලු, "කෑගහන් නැතුව ඉන්නවා. තමුසේ ඊළගට" කියලා. පෙම්වතා එක සැරේම DIM වුනාලු.

( පවු අප්පා! නිකන් ඇදගෙන නානවනේ! soiety 1ට නැති ගෑනු ගත්තම ඔහොම තමයි කිවුවලු.)

( මේ joly කතාව කිවුවේ මගේ යාලුවෙක්. සමහර විට ඔයාලත් අහලා ඇති! මොනා වුනත් මරැ කතාවනේ:-) හික්! හික්! :-)
Posted by Rash at 3:02 PM 2 comments

සබදේ!!!!!!!!!!!!





මෙතෙක් කලක් ඔබ හා සිටින්නට
පින් කර ඇත, මතු සසරේ,
හැම මොහොතක් පාසා ඇගේ ඡායාව
මා හදේ සිත්තම් වූයේ
ඇය හා තිබෙන මිත්‍රත්වයේ බැදීම නිසා නොවේද?
මහ සයුර තරම් වූ අපගේ මිතුදමේ
සයුරෙන් ගත් දිය බිදක් තරම් වත්,
දුකක්, අසතුටක් නොවූ තරම්ය.........
ගලින් බැදි පවුරක් සේ
බිද දැමීමට නොහැකි වූ
ඒ මිත්‍රත්වයට දැන් කුමක් සිදුවී ඇත්ද?
එක් වචනයකින්, එක් මොහොතකින්
ඒ මහා විසල් පර්වතය
එක් ක්ෂණයකින් බිදී ගියේ
මාගේ සිතේ විශාල දුකක් සනිටුහන් කරමිනි.
මාගේ මේ අන්ධකාර සිතට
පෑයූ පුන් සදක් විලසින්
නැවතත් මා හදට, පිවිසීමට
ඇති ඉඩ, සෑම දාමත්
ඇය වෙනුවෙන් විවර වී ඇත.......
Posted by Rash at 2:35 PM 0 comments

Saturday, June 12, 2010

දුම් වැටි, මත් පැන්, මත් ද්‍රව්‍ය වලින් තොර නව දශකයකට පා තබමු!






මනු ලොව මිනිසත් බවේ
වටිනාකම නොදනිතී.
ලැබගත් තම ජීවිතේ
රකුසු කටට බිලි දෙති.
දුම් වැටියක් තොල ගාමින්
එහි රස විද ඇලි ගැලී
සැනසිල්ලක් ‍මෙන් දැනුනට
අත වනන්නේ මාරයාට.
ගිනි වතුරෙන් ලබන සතුට
විනෝදයෙන් කුමක් වේද?
වැහැරී ගිය පිළිකුල් කය
අවසන බිලිවෙයි මරැවට....
සිහි විකලින් නොදැන කිසිත්
අනවැසි බස් දොඩ දොඩා
මහ පාරේ ඇද වැටී
අවනම්බුවේ රස විදී.
මිනිසත්කම වනසන්නට
විනාස මුඛයට නොයන්න
සියලු දෙනම සිතට ගන්න!!!!

Posted by Rash at 8:29 AM 3 comments

Saturday, June 5, 2010

my first post


This is a text in post.
Posted by Rash at 8:52 AM 0 comments
Labels: සාමාන්‍ය
Newer Posts » Home
Subscribe to: Posts (Atom)

යන එන තැන!!!

යන එන තැන!!!

දාපු ලිපි....

  • ▼  2010 (13)
    • ►  August (2)
    • ►  July (7)
    • ▼  June (4)
      • මරාගෙන මැරෙන පෙම්වතුන්!!!
      • සබදේ!!!!!!!!!!!!
      • දුම් වැටි, මත් පැන්, මත් ද්‍රව්‍ය වලින් තොර නව දශ...
      • my first post

ම්....ම්..... මම????

My photo
Rash
අනේ මන්දා!!! මම තාම ඉගෙනගන්න චුට්ටන් ළමයෙක්. හැබැයි චුට්ටන් වුනාට, වට පිටාවෙ දේවල් ගැන හොද සිහියකින් ඉන්නේ. මම ගැන අහන්න ඕනි යාළුවන්ගෙන් තමා!!!!!!!!
View my complete profile

ගිහින්ම බලන්නකෝ!!!!

  • Home
  • about me!
  • Contact me!

මගෙ තනියට!!!

ආවා සොයා!!

free counters
 
Copyright © සිහිලැල් නදී ‍තෙර....... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio