
මනු ලොව මිනිසත් බවේ
වටිනාකම නොදනිතී.
ලැබගත් තම ජීවිතේ
රකුසු කටට බිලි දෙති.
දුම් වැටියක් තොල ගාමින්
එහි රස විද ඇලි ගැලී
සැනසිල්ලක් මෙන් දැනුනට
අත වනන්නේ මාරයාට.
ගිනි වතුරෙන් ලබන සතුට
විනෝදයෙන් කුමක් වේද?
වැහැරී ගිය පිළිකුල් කය
අවසන බිලිවෙයි මරැවට....
සිහි විකලින් නොදැන කිසිත්
අනවැසි බස් දොඩ දොඩා
මහ පාරේ ඇද වැටී
අවනම්බුවේ රස විදී.
මිනිසත්කම වනසන්නට
විනාස මුඛයට නොයන්න
සියලු දෙනම සිතට ගන්න!!!!
3 comments:
උත්සාහය අනර්ගයි. තව ලියමු....
you can do it well.wish you all the best
Rash ........veryyyyyyyy nice blog
Post a Comment