Sunday, July 18, 2010
මටත් හිතෙන දේවල්!
ඇත්තටම මට එකේක වෙලාවට එකේක ඒවා හිතෙනවා.
සමහර ඒවා මහ පිස්සු විකාර(හැබැයි මටනම් පිස්සු නෑ හොදේ!:-D )
මේ කියන්න යන සිද්ධිය නම් එහෙම 1ක් නෙවෙයි.ඇත්තටම මට ඔක්කොම එපා වෙලා හිටියෙ මේ සිද්ධිය නිසා.
මට මේ සිද්ධියේදි කාගෙන්වත් උදව් ගන්න පුළුවන් වුනේ නෑ.ඒ නිසා ඒක හිත ඇතුලේ කැකෑරි,කැකෑරි තිබුනා. ඒ ප්රශ්නේ අගක් මුලක් මට තේරෙන්නෙත් නෑ. මේ වගේ වෙලාවකදී මම කොහොම හිටියද කියල මටම හිතාගන්න බෑ.
මේ සිද්ධියට මුල ඉස්කෝලෙයි, යාළුවොයි. ඇත්තටම ගොඩක් වෙලාවට යාළුවොන්ව තේරැම් ගන්න අමාරැයි. එක වෙලාවකට හොදයි, අනිත් වෙලාවට ඒ කට්ටියට මොනා වෙනවද දන්නෑ.ඒ නිසාමද කොහෙද මට දුක, සතුට බෙදා ගන්න හොදම යාළුවෙකුත් නෑ.( ඇයිද කියලා මමවත් දන්නෑ). ඒ නිසාද කොහෙද මට මහා පාළුවක් දැනෙනවා. ඒ වුනත් ගෙදර ගියාට පස්සේ ඒ ඔක්කොම අමතක වෙලා යනවා. ඔය විදියට මම ගිය බදාදා වෙනකම් upset එකේ හිටියේ.
ඒ වුනත් දැන් ඒ ඔක්කොම ඉවරයි. අන්තිමේදී මටම හිතුනා මම යාළුවෝ ගැන හිතුවා වැඩියි කියලා. යාළුවෝ ඒ වගේ වෙලාවට තමන්ට ඕනි දේ කරගෙන අපිව සත 5කටවත් ගනන් ගන් නැතුව යනවා.බලාගෙන යද්දී ඔක්කොම එකයි. මිනිස්සු හරිම අවස්ථාවාදියි. මම මේ සිද්ධයෙන් ඒක හොදට තේරැම් ගත්තා.
දැන්නම් ඒවා ගැන මම පොඩ්ඩක්වත් හිතන්නෑ. ඒ නිසාද කොහෙද දැන්නම් හරිම සතුටින් ඉන්නේ. ජොලියෙ ඉන්නවා! ( :-D )
Subscribe to:
Post Comments (Atom)
4 comments:
ඔයා හරි.හැමදාම යාළුවෝ ගැන හිත හිත ඉඳලා හරි යන්නේ නෑ.ඒත් කවදහරි අපි සමාජයේ හොඳ තැනකට ගියොත් ඔය සත 5 කට වත් ගණන් ගන්නේ නැති අය අපිව හොයා ගෙනම ඒවි.
ඇත්තටම කිව්වොත් ඔවාගේ දේවල් අනන්තවත් වේලා තියනවා.ඒ වේලාවට ම්..ම්..ම්.......
@ kreet;
ඒක නම් ඇත්ත තමයි!
@ තක්ෂිල;
ම්..ම්..ම්...? හිතාගන්න බෑනේ???
කෙල්ලේ ජීවත් වෙනවා කියන්නේ ඕක තමයි. සතුටුවෙයං ඒක එහෙම වෙනවා කියලා දැනිච්ච නිසා. යාලුවෝ කියන්නේ අපිත් එක්ක
පෙර ආත්මෙ ඉඳලා එන අය. සමහරු යහපත පිනිසත් සමහරු කරුමෙටත් තමයි අපේ යාලුවෝ වෙලා ඇවිත් ඉන්නේ. අපිත් එහෙමයි
ඒ නිසා ඉන්න ටික කාලේ හැමෝත් එක්කම හොඳින් ඉන්න බලමු. බැරිමනම් බුදු හාමුදුරුවො කිව්වා වගේ ඈත් වෙමු. කෝකටත්
ජොලියෙ ඉන්න එක හොඳයි.
Post a Comment