skip to main | skip to sidebar

සිහිලැල් නදී ‍තෙර......

නදියක් සේ ගලා යන ජීවිතයේ,පාවී යන පාරැවට එක්වෙන්න!!!

Friday, August 6, 2010

නිවාඩුවේ මක් කොරන්නද???

කොහොමහරි විභාගයට පස්සේ නිවාඩුව ලැබුනා! දැන් ඉතින් ජොලියෙ ඉන්න තමා තියෙන්නේ. හැබැයි මේ නිවාඩුවේ දිගටම class. ඔන්න එතකොට තමයි එපා වෙන්නේ.
මොනා කරන්නද ඉතින්, යන්නත් එපැයි. මොනා වුනත් ටික දවසකට හරි කොහේ හරි යන්න ඕනි. එතකොටනේ නිවාඩුව ගැන යාළුවන්ට මොනා හරි කියන්නවත් තියෙන්නේ!
නේද??????ඔය කට්ටියත් හොද fun 1ක් ගන්න.
Posted by Rash at 4:41 PM 4 comments

විභාගේ,විභාගේ!!!

හැමෝටම වගේ අපිටත් මේ සැරේ term test තිබුනා. 23 පටන් ගෙන 2වෙනිදා ඉවර වුනා. පේපර්ස්නම් මාර අමාරැයි! මොනා කරන්නද? ලියන්න ඕනි හින්දා ලිව්වා. හැබැයි මැරීගෙන පාඩනුත් කරා.
ඉස්සෙල්ලාම තිබුනෙ ගණන්. මේ පේපර් 1 ඔක්කොටම වඩා අමාරැයි. ඊට පස්සේ අනිත් ඒවත් තිබුනා. ඒවත් එලෙසම තමයි!
හැමදාම වගේ පන්තියේ, 1,2,3,4,5,6 ගන්නේ එකම ළමයි ටික. හැබැයි මේ සැරේ ඒ ඔක්කොම වෙනස් වෙලා. 12 වෙනියට හිටපු ළමයා 2 වෙලා. ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ, වෙනස් වෙලා තියෙන තරම කොච්චරද කියලා.
මේ හින්දා ඉස්සරහම හිටපු ළමයි ටිකට ගොඩක් දුක හිතිලා. සමහර ළමයි ඩෙස් 1ට ඔලුව තියාගෙන අඩනවා. පව් කියලත් හිතෙනවා! ඉතින් මොනා කරන්නද?
මමනම් යන්තම් ජාමෙ බේරගෙන හොද place 1ක් ගත්තා.

මොනා වුනත් අපි 1 දෙයක් තේරැම් ගන්න ඕනි. ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕනි කියන 1. (හැබැයි ඉතින් මටත් ඔය දේ වුනානම්, මටත් ඇඩෙනවා!!)
Posted by Rash at 4:28 PM 1 comments

Sunday, July 18, 2010

මටත් හිතෙන දේවල්!



ඇත්තටම මට එකේක වෙලාවට එකේක ඒවා හිතෙනවා.
සමහර ඒවා මහ පිස්සු විකාර(හැබැයි මටනම් පිස්සු නෑ හොදේ!:-D )
මේ කියන්න යන සිද්ධිය නම් එහෙම 1ක් නෙවෙයි.ඇත්තටම මට ඔක්කොම එපා වෙලා හිටියෙ මේ සිද්ධිය නිසා.
මට මේ සිද්ධියේදි කාගෙන්වත් උදව් ගන්න පුළුවන් වුනේ නෑ.ඒ නිසා ඒක හිත ඇතුලේ කැකෑරි,කැකෑරි තිබුනා. ඒ ප්‍රශ්නේ අගක් මුලක් මට තේරෙන්නෙත් නෑ. මේ වගේ වෙලාවකදී මම කොහොම හිටියද කියල මටම හිතාගන්න බෑ.
මේ සිද්ධියට මුල ඉස්කෝලෙයි, යාළුවොයි. ඇත්තටම ගොඩක් වෙලාවට යාළුවොන්ව තේරැම් ගන්න අමාරැයි. එක වෙලාවකට හොදයි, අනිත් වෙලාවට ඒ කට්ටියට මොනා වෙනවද දන්නෑ.ඒ නිසාමද කොහෙද මට දුක, සතුට බෙදා ගන්න හොදම යාළුවෙකුත් නෑ.( ඇයිද කියලා මමවත් දන්නෑ). ඒ නිසාද කොහෙද මට මහා පාළුවක් දැනෙනවා. ඒ වුනත් ගෙදර ගියාට පස්සේ ඒ ඔක්කොම අමතක වෙලා යනවා. ඔය විදියට මම ගිය බදාදා වෙනකම් upset එකේ හිටියේ.
ඒ වුනත් දැන් ඒ ඔක්කොම ඉවරයි. අන්තිමේදී මටම හිතුනා මම යාළුවෝ ගැන හිතුවා වැඩියි කියලා. යාළුවෝ ඒ වගේ වෙලාවට තමන්ට ඕනි දේ කරගෙන අපිව සත 5කටවත් ගනන් ගන් නැතුව යනවා.බලාගෙන යද්දී ඔක්කොම එකයි. මිනිස්සු හරිම අවස්ථාවාදියි. මම මේ සිද්ධයෙන් ඒක හොදට තේරැම් ගත්තා.
දැන්නම් ඒවා ගැන මම පොඩ්ඩක්වත් හිතන්නෑ. ඒ නිසාද කොහෙද දැන්නම් හරිම සතුටින් ඉන්නේ. ජොලියෙ ඉන්නවා! ( :-D )
Posted by Rash at 3:43 PM 4 comments

Thursday, July 8, 2010

ජීවිතය....


සිහින් සිදුරක් වූ ජීවිතයෙන්,
මුළු මහත් ලෝකයක් දෙස
විවර නෙතින් බැලීමට අපට හැකිද?
එසේම එහි සිටිනා
විෂමාකාර මිනිසුන්ව
තේරැම් ගැනීමට පවා
හැකිවනු ඇත්ද?
ගලා යන ගගක්
ගල් පර රැසක වැදී
ගමන් කරන ලෙසින්
ජීවිතයද,
බාධක රැසකට
මුහුණදෙනු නොඅනුමානය...
එවැනි බාධක ජයගෙන,
ඉදිරියට යෑම අපට
ලැබෙන අභියෝගය
නොවේද???
Posted by Rash at 2:44 PM 4 comments

කුරැලු ලොවේ අසිරිය...


(මේ මම පොඩි කාලේ ලියපු කවි. මේ ළගදි පොතක් ඇතුලේ තිබිල හම්බුනේ! දැන් ඒව කියවද්දී හිනත් යනවා. මගේ පොඩි කාලේ වැඩ කොහොමද කියල බලන්නකෝ! )

වක් වී ඇති තුඩකි විදින පුංචි හොටය
මුදු මල් පෙති දෙකකි පැහැබර පියපත් සගලය
නීල පැහැති සිත් බදනා නෙත් යුගලය
පින් කර ඇත මෙවන් දසුන් දැකි මාගේ නෙත් යුගලය.

කිචි බිචි ගා පියඹා යයි ගුවන සරා
පුංචි කෝටු කැබලි එකට තියා අමුණාලා
කොළ රොඩු මැදෙහි පුළුන් රොදක් දවටාලා
සාදා ගනියි තම කැදැල්ල සතුටු සිනා.

පුංචි කුරැලු පැටවෙකු පිළිසිද ගත්තා
බිජුව රකියි තම සැප ගැන මදව සිතා
කුරැලු පැටවා එළිය දකියි පැතුම් පතා
විහග ජෝඩුවේ රස ගී නොමදව ඇසෙනා.
Posted by Rash at 2:17 PM 5 comments

Thursday, July 1, 2010

දිව්‍ය ලෝකේ ගිය සැමියා.




එක ගෑනු එක්කෙනෙක් හිතාගෙන හිටියේ, එයාගේ මහත්තයා මැරිලා, දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා කියලා. එක දවසක් මේක ඔප්පු කරගන්න කියලා මේ ගෑනු කෙනා මන්තරකාරයෙක් ගාවට ගියාලු. එතකොට ඒ මනුස්සයා, මේ ගෑනු කෙනාටයි, එයාගේ මහත්තයටයි, එකට කතා කරන්න සලස්වලා දුන්නලු.

(ඊට පස්සේ වුනු කතාව මෙන්න මේකයි)

බිරිද :- අනේ! ඔයා හොදින් ඉන්නවද? මට හිතුනා, ඔයා කොහේ හරි හොදින් ඇති කියලා. ඔයා කොහෙද ඉන්නේ?
සැමියා :- මම ඉන්නේ නිල් අහසක් යට, ළා කොළ පාට තණ බිමක් උඩ.
බිරිද :- ආනේ!!!! ඔයා ඉන්නේ දිව්‍ය ලෝකේ නේද? මට ඒත් හිතුනා!
සැමියා :- මොන පිස්සුද ඕයි! මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ගව පට්ටියක!

( මරැ කතාවනේ?? [ හික්! හික්!] මේ කතාවත් දැක්කේ web 1ක)
Posted by Rash at 4:14 PM 1 comments

අප්‍රිකාව කොහෙද තියෙන්නේ???


(සර් කෙනෙකුයි, ගෝලයෙකුයි කතා වුනු පොඩි ප්‍රශ්නයක් ගැනැයි මේ!!!)

සර් :- රැවන්, කියනවා බලන්න, අප්‍රිකාව කොහෙද තියෙන්නේ?
රැවන් :- සිතියම් පොතේ 37 වැනි පිටුවේ සෑර්!!

(මේ කතාව මම web 1ක දැක්කේ! ඇත්තටම බැලුවොත් ඒ ළමයා දුන්න උත්තරෙත් වැරැද්දක් නෑනේ???)
Posted by Rash at 3:28 PM 4 comments
« Older Posts
Subscribe to: Posts (Atom)

යන එන තැන!!!

යන එන තැන!!!

දාපු ලිපි....

  • ▼  2010 (13)
    • ▼  August (2)
      • නිවාඩුවේ මක් කොරන්නද???
      • විභාගේ,විභාගේ!!!
    • ►  July (7)
    • ►  June (4)

ම්....ම්..... මම????

My photo
Rash
අනේ මන්දා!!! මම තාම ඉගෙනගන්න චුට්ටන් ළමයෙක්. හැබැයි චුට්ටන් වුනාට, වට පිටාවෙ දේවල් ගැන හොද සිහියකින් ඉන්නේ. මම ගැන අහන්න ඕනි යාළුවන්ගෙන් තමා!!!!!!!!
View my complete profile

ගිහින්ම බලන්නකෝ!!!!

  • Home
  • about me!
  • Contact me!

මගෙ තනියට!!!

ආවා සොයා!!

free counters
 
Copyright © සිහිලැල් නදී ‍තෙර....... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio