හැමෝටම වගේ අපිටත් මේ සැරේ term test තිබුනා. 23 පටන් ගෙන 2වෙනිදා ඉවර වුනා. පේපර්ස්නම් මාර අමාරැයි! මොනා කරන්නද? ලියන්න ඕනි හින්දා ලිව්වා. හැබැයි මැරීගෙන පාඩනුත් කරා.
ඉස්සෙල්ලාම තිබුනෙ ගණන්. මේ පේපර් 1 ඔක්කොටම වඩා අමාරැයි. ඊට පස්සේ අනිත් ඒවත් තිබුනා. ඒවත් එලෙසම තමයි!
හැමදාම වගේ පන්තියේ, 1,2,3,4,5,6 ගන්නේ එකම ළමයි ටික. හැබැයි මේ සැරේ ඒ ඔක්කොම වෙනස් වෙලා. 12 වෙනියට හිටපු ළමයා 2 වෙලා. ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ, වෙනස් වෙලා තියෙන තරම කොච්චරද කියලා.
මේ හින්දා ඉස්සරහම හිටපු ළමයි ටිකට ගොඩක් දුක හිතිලා. සමහර ළමයි ඩෙස් 1ට ඔලුව තියාගෙන අඩනවා. පව් කියලත් හිතෙනවා! ඉතින් මොනා කරන්නද?
මමනම් යන්තම් ජාමෙ බේරගෙන හොද place 1ක් ගත්තා.
මොනා වුනත් අපි 1 දෙයක් තේරැම් ගන්න ඕනි. ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕනි කියන 1. (හැබැයි ඉතින් මටත් ඔය දේ වුනානම්, මටත් ඇඩෙනවා!!)
Friday, August 6, 2010
Subscribe to:
Post Comments (Atom)
1 comments:
මොනා කරන්නද ඔහොම යං
Post a Comment